Hibernate බඳු ORM tool එකක් භාවිතා කිරීමේ වාසි මොනවාද?
1) Productivity ඉහළ යාම
SQL ලිවිය යුතු නොවීම, ලිවිය යුතු Java code ප්‍රමාණය අඩුවීම, high level OO API එකක් වීම වැනි හේතු නිසා Productivity ඉහළ යාම සිදුවෙයි.
2) Performance ඉහළ යාම
lazy loading, Eager loading , Sophisticated caching වැනි හේතු නිසා Performance ඉහළ යාම සිදුවෙයි.
3) Maintainability ඉහළ යාම
ලිවිය යුතු code ප්‍රමාණය අඩුවීම නිසා Maintainability ඉහළ යාම සිදුවෙයි.
4) Portability ඉහළ යාම
Framework එක විසින් database specific SQL ලියා දෙන නිසා Portability ඉහළ යාම සිදුවෙයි.
Hibernate මඟින් පහසු කෙරෙන්නේ කුමක්ද?
1 Domain objects , save කිරීම සහ retrieve කිරීම පහසුවෙන් කළ හැක.
2.Database table names සහ column names වැනි දෙය වෙනස් කිරීම පහසුවෙන් කළ හැක.
3. Related items ලබා ගැනීමට ලිවිය යුතු complex joins සරල කරයි.
JDBC වලට වඩා Hibernate භාවිතයේ වාසි..
2 Developer ට database එකේ data manage කිරීම වෙනුවට business logic එක ගැන concentrate කළ හැක.
3. Hibernate, database independant නිසා ඕනෑම dbms එකක් සමඟ hibernate යොදාගත හැක.
JDBC වලට වඩා Hibernate භාවිතයේ අවාසි
1. Hibernate සඳහා ඉගෙන ගත යුතු දේ බොහෝ වීම
2. JDBC වලට වඩා Hibernate, slow වෙයි.Runtime එකේදී SQL statements බොහොමයක් generate කළයුතු නිසා
3. Batch processing සඳහා එතරම් සුදුසු නොවේ.
වාසි, අවාසි නිවැරදිව සළකා බලා අවශ්‍යතාවය අනුව Hibernate, web application එකකට යොදා ගැනීම ගැන තීරණය කළ යුතුය.
No comments:
Post a Comment