Monday, September 5, 2022

ධනවතෙක් වීමට අවශ්‍ය නම් ඔබ විසින් ළගා කර ගත යුතු පුරුදු කිහිපයක් ..!

1. නියමිත වෙලාවට කලින් අවදි වී වෙලාව ඉතුරු කර ගන්න.

2. සෑම විටම කරන කාර්‍යයකදී පිළිවෙළ පිරිසිදු කම තියා ගත යුතුය .

3. කාලසටහනකට වැඩ කරන්න.කාලය බෙදාගෙන වැඩ කරන්න.

4.  ඉලක්ක මීළඟ අරමුණ ලියා තියාගත යුතුය .අධ්‍යනය කරන්න.

5. මුදල් ඉපයීමේදී ආයෝජනයක් සඳහා ඉතුරු කරන්න.අනවශ්‍ය මිළදී ගැනීම් වලින් වළකින්න.

6. ඔබේ මාසික වියදම් ටික හඳුනා ගන්න. 

7. ඔබේ ව්‍යාපාරය හෝ රැකියාවට අමතර side bisness එකක් ආරම්භ කරන්න .

8. හැම මාසෙකම ඔබේ බිල් ගෙවීමට පුරුදු වෙන්න.

9. තමන්ගේ ආදායම හැටියට වියදම් කරන්න.

10. යම් අරමුණකට සාපේක්ෂව ඔබේ මනස ධනාත්මකම පවත්වාගෙන යන්න.

11. දිනපතා අලුත් දේවල් ඉගෙන ගන්න.

12. මානසික ඒකාග්‍රතාවය වැඩි කර ගන්න.

13 .අලසබව කම්මැලිකම නැති කර ගත යුතුය .( උත්සාහය උනන්දු නැති කම වීර්යය නැති කම හේතු වේ )

14. අරමුණක් නැතිකම දුප්පත් වීමට හේතුවකි.අරමුණක් තියාගන්න .ඒ වෙනුවෙන් වැඩ කරන්න.

15 . මිථ්‍යා විශ්වාස වැඩිපුර විශ්වාස කිරීම දුප්පත් වීමට හේතුවකි.[ හදහන් , ග්‍රහ තරු, වාසනාව , දේවාල ]

ඒ වෙනුවට ආත්ම විශ්වාසය විශ්වාස කරන්න.

16.  නිදාගැනීමට වැඩි කාලයක් , මත් පැන් භාවිතයට වැඩි කැමැත්තක්  වැනි නරක පුරුදු වලින් ඈත් විය යුතුය .

17. විනයක් ඇතුව ඉපයූ මුදල් නිසි කළමනාකරණය කර ගත  යුතුය .

18. සුවපහසු කලාපයෙන් මිදෙන්න සූදානම් විය යුතුය .

19. උදෑසන අවදී වූ පසු ආගම සිහිකර වැඩ පටන් ගැනීම.රාත්‍රී නින්දට කලින් ආගම සිහි කිරීම.

20. හැම අසාර්ථකත්වයක් තුළින්ම පාඩමක් ඉගෙන ගැනීම. 

No comments:

Post a Comment